Political

360ට පොල්ල තිබ්බ සජිත් – දෙරණ අතර ගැටුමක් !

අද (17) රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිඳු දැනුවත් කිරීමකින් තොරව එම වැඩසටහන ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අදාල වැඩසටහනට සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වන බවට පූර්ව ප්‍රචාරක පට අවස්ථා කිහිපයකදී ප්‍රචාරයට ලක් කළ අතර අරුණ පුවත්පතේ දැන්වීම් ද පළ කොට තිබුණු වපසරියක ඒ පිළිබඳ කිසිඳු ප්‍රතික්ෂේප කිරීමක් නොකට සජිත් ප්‍රේමදාසගේ මාධ්‍ය කණ්ඩායම විසින් ඊයේ උදෑසන එම වැඩසටහනට සහභාගී නොවන බවට දැනුම් දී තිබෙනවා.

එය දැනුම් දී ඇත්තේද කිසිදු තර්කානුකූල පදනමකින් තොරවය.

සමගි ජන බලවේගය මාධ්‍ය ලේකම්වරයා යැයි සටහන් කර ඇති ඒරානන්ද හෙට්ටිආරච්චිගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත්තේ 360 වැඩසටහනට සහභාගී නොවන නිසා අදාළ පූර්ව ප්‍රචාරක දැන්වීම් ප්‍රචාරය නොකරන ලෙසයි..

මෙම ප්‍රතික්ෂේප කිරීමට විපක්ෂ නායකවරයාව පොළඹවා ඇත්තේ තවත් නාලිකාවක ප්‍රධානියකු විසින් බවත්, අදාළ ප්‍රධානියා විසින් සජිත් ප්‍රේමදාසගේ හිතවතකු මාර්ගයෙන් මෙම ප්‍රතික්ෂේප කරවීම සිදුකොට ඇති බවත් වාර්තාවේ.

මේ වන විට සමගි ජන බලවේගය සහ විපක්ෂ නායකවරයාව මෙහෙයවන්නේ එක්තරා නාලිකාවකින් වන අතර සම්බන්ධතාවයක් ද කිවහොත් සජිත් ප්‍රේමදාස දේශපාලනය ආරම්භ කළ මොහොතේ සිටම වසර විස්සකට අධික කාලයක් ඔහු වෙනුවෙන් පෙනී සිටි සිරස මාධ්‍ය නාලිකාව පවා ඔහු විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

කෙසේ වෙතත් දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් සමගි ජනබලවේගය වෙත ලිපියක් යොමු කරමින් දන්වා ඇත්තේ අවස්ථා කිහිපයකදීම අදාළ වැඩසටහනට විපක්ෂ නායකවරයා සහභාගී වන බවට සහතික වී තිබියදීත් අතාර්කික පදනම් විරහිත ලිපියක් මගින් එම ආරාධනය හදිසියේම ප්‍රතික්ෂේප කිරීම පිළිබඳවත් බෙහෙවින්ම කණගාටු වන බවයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago