Political

සැලුන් දොර වහන්න තාත්තාගෙන් අවසර ගත්තා – නාමල් රාජපක්ෂ !

තමන් බලයට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කළ නොහැකි ලෙස නව නීති සම්පාදනය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ඊයේ (17) ගාල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

“එදා විපක්ෂය කියන්න බැලුවා රාජපක්ෂලා අපේ කණ්ඩායම හැංගිලා කියලා. නෑ අපි කවදාවත් හැංගිලා හිටියේ නෑ. අපි හැංගෙන්නෙත් නෑ. අපිව හංගන්නත් බෑ. මොකද මට වැඩපිළිවෙලක් තියෙනවා. අපිට රට හදන්න සැලැස්මක් තියෙනවා. අනිත් අයව සල්ලිවලට, වරදානවලට ගන්න පුළුවන් ඇති. හැබැයි ගමේ පාක්ෂිකයාව සල්ලිවලට ගන්න බෑ. ගියපු අයව ගන්න එපාලු. ඒක මං තාත්තාගෙන් අවසර ගත්තා සැලුන්දොර වහන්න. අපේ සැලුන්දොර වහනවා විතරක් නෙමෙයි අපි පාර්ලිමේන්තුවේ නීතියක් ගේනවා කිසිම දේශපාලනඥයෙක්ට වරප්‍රසාදවලට පක්ෂය මාරු කරන්න බැරි නීතියක් අපි පාර්ලිමේන්තුවට ගේනවා. මම ඔබට වගකීමකින් කියනවා ඔබ මං කෙරෙහි තබන විශ්වාසය පළුඳු වෙන්න මෙම ඉඩතියන්නේ නෑ.”

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago