යාපනය නාවලර් පාරේ පිහිටි අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගෙන ඇති බැවින් එම මධ්‍යස්ථානය වහාම අවලංගු කිරීමට පියවර ගන්නා ලෙස යාපනයේ සංස්කෘතික පදනම යාපනය දිසාපතිවරයා ඇතුලු බලධාරීන්ගෙන් 17 දා ඉල්ලිමක් කොට තිබෙනවා.
එම පදනම ප්‍රකාශ කොට ඇත්තේ රට ජාතිය වෙනුවෙන් උදාර මෙහෙවරක් සිදු කළ අරුමුගනාවලර් උපන් බිමේ මේ සංස්කෘතික මධ්‍යස්ථානය ඉදි කොට ඇත්තේ දැඩි හැගීමකින් යුතුව නිසා ඡන්දයක් විමසීම වැනි එකිනෙකා ඇනකොටා ගන්නා පක්ෂ භේදයකින් යුතු ස්ථානයකට අරුමුගනාවලර් සංස්කෘතික මධ්‍යස්ථානය යොදා ගැනීම උචිත නොවන බවයි.
සමස්ත ශ්‍රී ලංකාවේම වැසියන් අරුමුගනාවලර් වීරත්වයෙන් අදහන තැනැත්තෙකු නිසා 1972 වසරේදී මුල්ගල තබා ඔහු උපන් බිමේම මෙම සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටුවන ලද්දේ උදාර හැගීමකින් බවද යාපනයේ සංස්කෘතික පදනම පෙන්වා දී තිබේ.
2022 වසරේ සිට සංස්කෘතික කටයුතු පිළිබදව වූ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මෙම ස්ථානය දකුණේ සිට යාපනයේ සංචාරය කිරීමට පැමිණෙන පුද්ගලයින්ගේ පවා පුන්‍ය භූමියක් වී ඇතී නිසා එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යෝජිත ඡන්ද මධ්‍යස්ථානය වෙනත් ස්ථානයක් වෙත රැගෙන යන ලෙස යාපනයේ පදනම සංගමය ඉල්ලා ඇත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…