Local

පහේ පේපරේ ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දීමට තීරණයක් !

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කර ලකුණු දීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

විභාග කොමසාරිස් ජනරාල්වරයා උපුටා දක්වමින් ජනමධ්‍ය වාර්තා කර ඇති ආකාරයට ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ දැයි සොයාබැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා ලැබුණු පැමිණිල්ලක් මත මූලික විමර්ශනයක් සිදුකර එම තීරණය ගත් බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කළ පරීක්ෂක මණ්ඩලය කැඳවා එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති අතර, එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රයේ තිබී ඇත්තේ ශිෂ්‍යත්ව විභාගයේ නියම ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න තුනකට ආසන්න සමානත්වයෙන් යුත් ප්‍රශ්න තුනක් පමණක් බවය.

ඒ අනුව එම ප්‍රශ්න තුන ඉවත් කර ඇගැයීම් කිරීමට තීන්දුවක් ගත් බව ද විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago