News

කමිදු මෙන්ඩිස් ලෝක වාර්තාවක් සම කරයි !

ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා මැදපෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(18) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් වුණා.

ඔහු එම ලෝක වාර්තාව සම කරනු ලැබුවේ නවසීලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් සම්පූර්ණ කරමින්.

මීට පෙර ටෙස්ට් ඉතිහාසයේ දී එලෙස තමන් ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ම ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබුණේ පාකිස්තානයේ සවුද් ශකීල් පමණයි.

කමිදු මේ දක්වා ටෙස්ට් පිටියේ දී ශතක 3 ක් හා අර්ධ ශතක 5 ක් වාර්තා කිරීමට සමත්ව සිටිනවා.

කමිදු මෙතෙක් දක්වා ඇති දක්ෂතා –

  • ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 61 ක්
  • බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 102 ක්
  • බංග්ලාදේශ්‍යට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 164 ක්
  • බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 92 ක්
  • බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 9ක්
  • එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 12 ක්
  • එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 113 ක්
  • එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 74 ක්
  • එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 4ක්
  • එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 64 ක්
  • නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී අර්ධ ශතකයක්…

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago