Health

සතුන්ගෙන් බෝවන භයානක රෝගයක් ගැන අනතුරු ඇඟවීමක් !

අම්බලන්තොට රිදියගම ගොවිපොළ ආශ්‍රිතව බෘසෙල්ලෝසිස් (Brucellosis) නමැති රෝගය වැලඳුණු පුද්ගලයන් කිහිපදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

රෝගය වැලඳුණු පුද්ගලයන් දස දෙනකු මේ වන විට ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වන අතර ගවයන්, එළුවන්, ඌරන් වැනි සතුන්ගෙන් එම රෝගය මිනිසුන්ට බෝවන අතර සතුන් සමග සමීපව කටයුතු කරන පුද්ගලයන්ට රෝගය වැලඳීමේ වැඩි අවධානමක් ඇති බව සෞඛ්‍ය අංශ දැනුම් දෙයි.

උණ, හිසරදය, ඇඟපත වේදනාව, වසාගැටිති ඉදිමීම, වමනය, පාචනය ආදී රෝග ලක්ෂණ ඇතොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාව දැනුවත් කරයි.

මෙම රෝගය වළක්වාගැනීම සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට නිසි සනීපාරක්ෂක ක්‍රමවේද භාවිත කළ යුතු අතර සත්ත්ව අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර කළ යුතුවේ. එමෙන්ම සතුන්ට රෝගය වැලඳීමට පෙර නිසි පරිදි එන්නත් කිරීම වැදගත් වේ.

සෑම වයස් කාණ්ඩයකම ජනතාවට රෝගය වැලඳිය හැකි බවත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වාගත හැකි බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago