Local

මධ්‍යම පළාත් සභාවට අයත් වාහන 31ක් අතුරුදන් – දැන් භාවිතාවන බවටත් කිසිදු සාක්ෂියක් නෑ !

මෝටර් රථ ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව සහ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතින්ගෙන් ලබාගත් තොරතුරුවලට අනුව මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යංශ, දේපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සදහන්වනවා.

එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතාකරන බවටද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වි නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

විගණනය මගින් පෙන්වා දි ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දේපාර්තමේන්තුවට අයත් වාහන 06ක්, ,පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දේපාර්තමේන්තුවට අයත් වාහන 04ක්, පිළිබද තොරතුරු අනාවරණය කර නොතිබුණි.

එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්මේන්තුවට අයත් වාහන 01ක් , ආයුර්වේද දේපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් වාහන 01ක් පිළිබදවද තොරතුරු අනාවරණය කර නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වනවා.

වාහනවල තොරතුරු නිසි පරිදි පවත්වාගෙන යාමටත් අදාළ තොරතුරු රැස්කර ගැනිමටත් කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද මධ්‍යම පළාත් සභාවේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන් කොට ඇත්තේ තොරතුරු සොයාබලා වාර්තා කරන බවය.

මධ්‍යම පළාත් සභාවේ 2023 මුල්‍ය වර්ෂය වෙනුවෙන් මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago