Local

ඉදිරියේදී සිදුවිය හැකි කුමන්ත්‍රණයක් ගැන අනුර හෙළිකරයි !

ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි කුමන්ත්‍රණයක් පිළිබඳ ජාතික ජන බලවේගයේ, ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක හෙළිදරව්වක් සිදුකරනු ලබුවා

ඒ ඊයේ (16) ‘ටීවි දෙරණ’ ඔස්සේ විකාශය වූ 360 විශේෂ වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

“නිශ්චිතවම මේ මැතිවරණ ව්‍යාපාරයේ අපේ අරමුණ වුණේ බලය ලබාගැනීම. ජයග්‍රහණය කිරීමට හැකියාව තිබෙනවා. ඉදිරිදින දෙකේ දී අලුත් දෙයක් නෑ. නැවත නැවත අපේ කරුණු ඉදිරිපත් කිරීමත්, ඒ වගේම ආණ්ඩුව සහ සජිත්ගේ කඳවුර පැත්තෙන් අපට එල්ල කරන අවදාල සහ විය හැකි කුමන්ත්‍රණයන් ගැන සමාජයට කරුණු ඉදිරිපත් කිරීම තමා අපේ අපේක්ෂාව. ඔබ දකින්න ඇති අපේ රටේ බොහෝ අවස්ථාවල මැතිවරණ ක්‍රියාවලිය මෙලෙස පැවතුණත් අනපේක්ෂිත සිදුවීම් සිදුවෙනවා. ඒ නිසා පුරවැසියන් තුළ අනුමානයන් තිබෙනවා. සජබ මන්ත්‍රීවරයෙක් අවස්ථා දෙකක දී ප්‍රකාශ කළා කලබලයක් ඇති වීමේ අනතුරක් පිළිබඳව. ඒ වලේම අපි දැක්කා ජයවර්ධනපුර විශ්විවිද්‍යාලයේ සිදුවීමක් වාර්තා වෙනවා. ඒ නිසා යම් කුමන්ත්‍රණකාරී ලෙස ගැටුම්කාරී තත්ත්වයක් සමාජයේ නිර්මාණය කිරීමේ අපේක්ෂාවක් ඔවුන් තුළ තිබිය හැකියි. ඒක හෙළිදරව් කිරීමත් එවැනි කිසිදු ගැටුමකට කුමන ආකාරයකින්වත් අපේ සාමාජිකයින් සම්බන්ධ නොවෙන්නත් ඒ වගේම ගැටුමක් ඇති වෙනවා නම් පොලීසිය හා ත්‍රිවිධ හමුදාවන් ඔවුන්ට පැවරී තිබෙන බලතල තුළ එවැනි දෙයක් ව්‍යාප්ත වීම වැළැක්වීම යන ඉල්ලීම තමා අපේ පැත්තෙන් තියෙන්නේ.”

ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් තුළ විදුලි ගාස්තු තවදුරටත් අඩුකිරීමට කටයුතු කරන බව ද අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජනරැලියකදී අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

Team CNF

View Comments

  • හොරාට කලින් කෙහෙල්කැණ වැට පැනලා. 😄😄😄

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago