වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව කාර් රථයක් පැදවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරනු ලබන අවුරුදු 46 ක් වන හිමිනමක අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.
මෙම හිමිනම නුවර සිට කුලියාපිටිය කඳානෙ ගෙදර පොලිස් වසමේ පිහිටි විහාරස්ථානය කරා මෝටර් රථයකින් ගමන් කර තිබේ.
මෙම සිද්ධිය දුටු කුරුණෑගල පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී වලංගු රියැදුරු බලපත්‍රයක් නොතිබීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණු අතර එම හිමිනමගේ රියැදුරු එදින කිසියම් රාජකාරියක් සදහා යාම හේතුවෙන් එම හිමිනම මෝටර් රථය පදවා ඇති බවට හිමිනම පොලිසියට දන්වා තිබේ.
අත්අඩංගුවට ගත් හිමිනම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
කුරුණෑගල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දනගේ උපදෙස් පරිදි කුරුණෑගල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.එම්.ඩී.සී. කොබ්බෑවෙලගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…