රත්නපුර ලොර් රථගාලේ පෙරේදා (14) පැවැත්වෙමින් තිබූ සමගි ජන බලවේගයේ ජන රැළියට පැමිණ වේදිකාවට ගොඩවුන පොදු ජන පෙරමුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේට එල්ල වූ බරපතල විරෝධතාවය හේතුවෙන් ඔහුට වේදිකාවෙන් බැස යන්නට සිදුවූ සිද්ධියක් රත්නපුරයෙන් වාර්තාවනවා.
රැළිය පැවැත්වෙමින් තිබිය දී හිටි අඩියේ සිය සාමාජිකයින් පිරිසක් සමග පැමිණ වේදිකාවට ගොඩවුන සුසන්ත පුංචිනිලමේට විරෝධය දැක්වූ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතුළු සංවිධායකවරු කීපදෙනෙක් වේදිකාවෙන් බැස ගොස් තිබෙනවා. මේ සමගම රැස්වීම භූමිය තුළ දැඩි නොසන්සුන්තාවයක් වර්ධනය වන්නට පටන් ගෙන ඇත.
දැනගන්නට ඇති පරිදි සුසන්ත පුංචිනිලමේ සබරගමුවේ වේදිකාවට නැග්ගවීම සඳහා කැඳවා ඇත්තේ තිලංග සුමතිපාල විසිනි.
මේ දැඩි විරෝධතාවය පසුබිමෙහි නියෝජ්‍ය ඇමති සුසන්ත පුංචිනිලමේ වේදිකාවෙන් බැස ගොස් යළිත් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් සමග පැමිණ වේදිකාවට ගොඩවී ජනතාවට ආචාර කර වේදිකාවෙන් බැස ගොස් තිබෙනවා.
සජිත් ප්‍රේමදාස රැළිය අමතන අවස්ථාව වනවිට සුසන්ත පුංචිනිලමේ වේදිකාවේ සිට නැත.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…