මියන්මාරයට බලපෑ යාගි සුළි කුණාටුවෙන් ඇති වූ ගංවතුර සහ මඩ නාය යෑම් හේතුවෙන් පුද්ගලයන් 113ක පිරිසක් මියගොස් තවත් 64 දෙනෙකු අතුරුදහන් වී ඇති බව මියන්මාර පාලක ජුන්ටාවෙහි ප්‍රකාශක Zaw Min Tun ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියා.
නමුත් සැබෑ මරණ සංඛ්‍යාව වැඩි විය හැකි බව ප්‍රාදේශීය වාර්තා පවසනවා.
මේ අතර 320,000 කට අධික පිරිසක් මේ වන විට තාවකාලික නවාතැන්වල රැඳී සිටින බව සඳහන්.
මේ වසරේ ආසියාවේ බලවත්ම කුණාටුව වන යාගි, වියට්නාමය, ලාඕසය, චීනයේ හයිනාන් දූපත සහ පිලිපීනය හරහා හමා ගොස් විනාශකාරී ප්‍රතිඵල ඇති කළා.