පාකිස්ථානයේ මේ වන විට Mpox හෙවත් වඳුරු උණ ආසාදිතයන් ගනණ 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ කරච්චි හි ජින්නා ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පසුගියදා තවත් Mpox ආසාදිතයෙක් බවට සැක කෙරෙන පුද්ගලයෙකු සොයා ගැනීමත් සමගයි.
එම පුද්ගලයා එරට සංචාරයක් සඳහා සෞදි අරාබියේ ජෙඩා සිට ගුවන් යානයකින් පාකිස්ථානය වෙත ලඟා වී ඇති අතර එම පුද්ගලයාට Mpox රෝගයට සමාන රෝග ලක්ෂණ පවතින බවයි එරට සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.
පාකිස්ථානයෙන් හමු වූ 5 වන Mpox ආසාදිතයා ද සෞදියේ සිට පැමිණි අයෙක් බව මින් පෙර අනාවරණය වුණා.
කෙසේ වෙතත් පසුගියදා හමු වූ මෙම 6 වන ආසාදිතයා මේ වන විට පාකිස්ථානයේ සින්ද්හි රජය විසින් පාලනය කරන රෝහලක හුදෙකලා වාට්ටුවකට යොමු කර අතිරේක තක්සේරුව සහ රැකවරණය සඳහා යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…