කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණට එල්ල වී තිබෙන චෝදනා කීපයක් මැතිවරණ කොමිසන් සභාව විසින් සැලකිල්ලට ගෙන තිබෙනවා.
ඒ අනූව ඔහුට 2024 වසරේ සිට 2032 වසර දක්වා වසර 7ක කාලයක් කිසිදු මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීම අහෝසි කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබුණා.
කුරුණෑගල ව්‍යාපාරිකයකු වන ප්‍රියංකර ලියනගේ විසින් මැතිවරණ කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව කුරුණෑගල දිස්ත්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් හරේන්ද්‍ර බණ්ඩාර රත්නායක මෙම නියමයන් දැනුම් දී තිබෙනවා.