Political

මෙවර මැතිවරණය සඳහා මෙරටට පැමිණෙන මැතිවරණ නිරීක්ෂකයන් මෙන්න !

මෙවර ජනාධිපතිවරණය සඳහා මෙරටට පැමිණෙන ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් සම්බන්ධව ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

එම නිරීක්ෂකයන් විසින් මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය වන පරිදි මැතිවරණ පූර්ව නිරීක්ෂණ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බවටයි එම කොම්සම වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනූව ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධන වල නියෝජිතයන් 71 දෙනෙක් මේ වන විට මෙරටට පැමිණ ඇති බව සඳහන් වනවා. ඉන් 43 දෙනෙක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයන් බව සඳහන්.

පොදු රාජ්‍ය මණ්ඩලීය නිරීක්ෂකයන් 22 ක් ද, ඇන්ෆ්‍රෙල් සංවිධානයේ නිරීක්ෂකයන් 06ක් ද මේ වන විටත් දිවයිනට පැමිණ ඇති බව සඳහන් වනවා.

තවත් යුරෝපා සංගම් නිරීක්ෂකයන් 34ක් සහ ඇන්ෆ්‍රෙල් සංවිධානයේ නිරීක්ෂකයන් 03ක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත බව මැතිවරණ කොමිසම සදහන් කරනවා.

මෙවර මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලිය සඳහා අසල්වැසි රාජ්‍යන්ගේ නියෝජිතයන් 07 දෙනෙක් ද සහභාගී වීමට නියමිතයි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago