සංචාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සැප්තැම්බර් 18 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
මේ සඳහා නවසීලන්ත ක්‍රිකඩ් කණ්ඩායම අද (14) පෙරවරුවේ දිවයිනට පැමිණියා.
පළමු ටෙස්ට් තරගය 18 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ගාලු ක්‍රීඩාංගණයේ ගේට්ටුව අංක 4 හරහා මහජනතාවට පිටියට ඇතුළුවීමේ අවස්ථාව හිමිවනවා.
මේ 21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ ඡන්ද විමසුම වෙනුවෙන් 21 වැනිදා නිවාඩු දිනයක් ප්‍රකාශයට පත්කොට ඇති අතර පළමු ටෙස්ට් තරගය අතරතුරදී ලබාදෙන විවේක දිනයේදී ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයින්ට තම ගම්බිම් බලා ගොස් ඡන්දය ප්‍රකාශ කොට එදිනම පස්වරුවේ යළි කණ්ඩායම සමඟ එක්වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.
දෙවැනි ටෙස්ට් තරගය මේ මස 26 දා සිට 30දා දක්වා පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවසන් වරට ශ්‍රී ලංකාවේදී හමුවී ඇත්තේ 2019 වසරේදී එස්එස්සී හා ගාල්ල පිටියේ පැවැති ටෙස්ට් තරග දෙකේදීයී.