Local

මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කෙරේ !

අධිකරණය හමුවේ පෙනීනොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව වැඩ ආවරණ මහෙස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (12දා) වරෙන්තු නිකුත් කළා.

2018 වසරේ පැවැති විරෝධතා ව්‍යාපාරයකදී නීතිඥ මේජර් අජිත් ප්‍රසන්නට අතින් පයින් පහරදී සුළු තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ කොල්ලුපිටිය පොලිසිය විසින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවූවා.

එම නඩුවේ එක් සැකකරුවකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මේ වන විට මියගොස් ඇති බැවින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා කොට සමථයක් ඇති කර ගැනීමට අපේක්ෂා කරන බව පෙර නඩු දිනයේදී සැකකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ අධිකරණයට දැනුම් දී තිබුණා.

ඒ අනුව සමථය වාර්තා කිරීම සඳහා ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරු හෝ ඔහුගේ ඇපකරු අධිකරණය හමුවේ පෙනීනොසිටීම කෙරෙහි අවධානය යොමුකළ වැඩ ආවරණ මහෙස්ත්‍රාත්වරයා ලබන නොවැම්බර් 18 වැනිදා දක්වා නඩුව කල් තබමින් එම නියෝගය කළා.

සැකකාර මන්ත්‍රීවරයා වෛද්‍යවරයකු මගින් වෛද්‍ය වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කොට තිබුණා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago