Local

මරණින් වසර 110කට පසුව පුද්ගලයෙක්ට ජනාධිපති රනිල්ගෙන් විශේෂ ජනපති සමාවක් !

අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මරණින් පසු පිරිනමනු ලබන ජනාධිපති සමාවක් පිරිනමා තිබෙනවා

ඒ 1915 ජුලි 7 වැනි දින නීති විරෝධී අයුරින් මරණයට පත් කරනු ලැබූ දියුණුගේ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් වෙතය.

1915 ජූනි 25 දින එවක ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබට් චාමස් විසින් පත් කරන ලද යුධ අධිකරණයක් විසින් අසාධාරණ නඩු විභාගයකින් පසු නීති විරෝධී අයුරින් මරණයට පත් කරනු ලැබූ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් වෙනුවෙන් මරණින් පසු ජනාධිපති සමාව ප්‍රදානය කරන බව අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්වනවා.

කැරලිගැසීම් සහ රාජද්‍රෝහී චෝදනාවට අසාධාරණ ලෙස ලක්වූ පේද්‍රිස්ට එල්ල වූ සාවද්‍ය මරණ දඬුවම නිවැරදි කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ) සහ 34 වැනි ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී ඇති බලතල උපයෝගී කරගනිමින් මෙම සමාව ප්‍රකාශයට පත් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා තිබෙනවා.

පේද්‍රිස්ට සහ ඔහුගේ පවුලේ අයට යුක්තිය පසිඳලීම සඳහා පේද්‍රිස්ට මරණ දඬුවම ලබාදීමේ තත්ත්වය සමාලෝචනය කර නිර්දේශ සහිත වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට 2023 දෙසැම්බර් මාසයේදී විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්නගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago