Local

බුද්ධි අංශ පිට පටවන ප්‍රහාරයක් පිලිබඳ පැමිණිල්ලක් !

යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ දෙසීයක් යොදවා ජාතික ජන බලවේගය කරන අයුරින් ලබන 12 වැනිදායින් පසු රට තුළ ව්‍යසනයක් කිරීමේ සැලසුමක් තිබෙන බවට විදෙස්ගත ශ්‍රී ලාංකිකයකුගේ යූ ටියුබ් නාළිකාවක් මගින් වෛරී ප්‍රකාශයක් කිරීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා යුද හමුදා බුද්ධි ප්‍රධානියා පසුගිය බදාදා (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබෙන බවට අරුණ පුවත්පත වාර්තා කරනවා.

සන්නද්ධ බුද්ධි බළකා ප්‍රධානී බ්‍රිගේඩියර් චන්දික මහතන්තිල මහතා විසින් පසුගිය බදාදා උදෑසන මෙම පැමිණිල්ල කර තිබෙන බව පැවසෙනවා.

දේශපාලන වුවමනාවන් මත සාවද්‍ය තොරතුරු ජනගත කරමින් යුද හමුදාවේ චිත්ත ධෛර්යය ද බිඳවැට්ටවීමට මෙන්ම ක්‍රියාකාරිත්වය ද බිඳවැට්ටවීමට මෙම යූ ටියුබ් නාළිකාව මගින් කටයුතු යොදා ඇතැයි එම පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙන බව සඳහන්.

පොලිස් සේවයෙන් ඉවත් වී විදෙස් රටක සිටිමින් යූ ටියුබ් නාළිකාවක් මෙහෙයවන අජිත් ධර්මපාල නමැති අයකු විසින් ජනාධිපතිවරණයට පෙර රට තුළ කලබල ඇති කිරීම සඳහා හමුදා බුද්ධි ප්‍රධානියා විසින් බුද්ධි නිලධාරින් දෙසීයක් කොළඹට කැඳවා නියෝග දී ඇතැයි හදිසි අනාවරණයක් ලෙසින් මෙය හෙළිකර තිබෙන බව පැවසෙනවා.

මෙම සාවද්‍ය ප්‍රකාශ මගින් තමාටත්, පවුලේ අයටත් ජීවිත තර්ජන එල්ල විය හැකි බවත් දේශපාලන වුවමනාවන් මත රට තුළ කලබල ඇතිකර බුද්ධි අංශය මත පැටවීමට ගන්නා උත්සාහයක්ද යන්න සම්බන්ධවත් පරීක්ෂණ පවත්වන ලෙස බුද්ධි ප්‍රධානියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.

මෙවැනි අසත්‍ය පතුරුවන යූ ටියුබ් නාළිකා ගැන වහාම පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම වෙත අධිකරණයට කරුණු දක්වා දැනුම් දෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවසු බව සඳහන්

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago