Local

උද්ධිකගේ වෙඩි තැබීම් සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ASP ට ඇප !

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී සංජීව මහානාම ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත මුදා හරිනු ලැබුවේ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදී හේවාවසම් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (13) ඇප මත මුදා හැරියා.

මන්ත්‍රීවරයාගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහුව පසුගිය 05 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ, එම දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත එහි මිනිමැරුම් විමර්ශන අංශයේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා ඇතුලු කණ්ඩායමක් විසින් ව්‍යාපාරිකයෙකු වන විරන්ජිත් තාඹුගලගේ බිරිදගේ මිතුරියකට අයත් හෝකන්දර ප්‍රදේශයේ පිහිටි නිවසක රැදී සිටියදීයි.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය සැලසුම් සහගතව සිදු කළ බවට පොලිසිය ප්‍රකාශ කළ අතර සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා විදේශගතව සිට යළි පැමිණ ඇති බවටද තොරතුරු වාර්තා වී තිබුණා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago