Local

මිනුවන්ගොඩ සැලුන්වලට සහ රූපලාවන්‍ය ආලේපන අලෙවිසැල්වලට වැඩ වරදී – විෂ සහිත, කල් ඉකුත් වූ ආලේප රැසක් !

මිනුවන්ගොඩ නගරයේ සැලොන් සහ රූපලාවණ්‍ය ආලේපන ද්‍රව්‍ය අලෙවි කරන ආයතන වටලා විෂ සහිත සහ කල් ඉකුත් වූ ආලේපන භාවිතා කළ සහ අලෙවි කළ සැලොන් සහ අලවිසැල් හිමිකරුවන් 14 දෙනකුව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැලොන් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙලදසැල් තුළ තිබූ ශරීරය සුදු පැහැවීම සඳහා ගල්වන සම්මත රසදිය ප්‍රමාණය ඉක්මවා තිබූ පිළිකාකාරක ඇඟ ගල්වන ආලේපන , කල්ලිකුත් වූ ආලේපන ද්‍රව්‍යය සහ විෂ සහිත ආලේපන විශාල ප්‍රමාණයක් සොයාගැනීමට හැකි වූ බව ද පාරිභෝගික සේවා අධිකාරිය පවසනවා.

මෙයට අමතරව ආනයනික ආලේපන ඇතුළු රූපලාවන්‍ය ද්‍රව්‍යවල සඳහන්ව තිබිය යුතු ආනයනික සහ නිෂ්පාදන විස්තර සඳහන්ව නොතිබුණු භාවිතයට නුසුදුසු ආලේපන රැසක් ද සොයාගැනීමට හැකි වූ බව පාරිභෝගික සේවා අධිකාරිය
වැඩිදුරටත් පැවසීය .

සාදයකට යාම සඳහා කොණ්ඩය සකසා ගැනීමට මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්‍යාගාරයකට පැමිණි කාන්තාවකගේ හිසේ ආලේපනයක් ගැල්වීමෙන් පසු ඇයගේ හිස කෙස් ගැලවී යාමේ සිදුවීමෙන් පසුව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් මිණුවන්ගොඩ නගරයේ සියලුම රූපලාවණ්‍යාගාර සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් වටලා මෙම විශේෂ වැටලීම සිදු කර තිබිණ .

මෙම වැටලීමේදී පාරිභෝගික සේවා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ එම සැලොන් හිමිකරුවන් සහ වෙළඳුන් 14 දෙනා බැඳුම්කර මත මුදා හැරීම සිදුකළ පාරිභෝගික සේවා අධිකාරිය එම සැකකරුවන් හට නඩු පවරා ඔක්තෝම්බර් මස 03 දින මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

2 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago