Political

තැපැල් ඡන්දය සලකුණු කල හැකි අවසන් දිනය අදයි !

මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ඇති අවසන් දිනය අදයි (12).

තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද ඡන්දය සලකුණු කිරීමට අතිරේක දින ලබාදෙනු ලැබීය. ඒ සඳහා එම රාජ්‍ය සේවකයින්ට තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඡන්දය සලකුණු කිරීමේ හැකියාව පවතී.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු ද අදින් අවසන් වේ.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව ඇප තැන්පත් කිරීමේ කාලය ඊයේ දිනයෙන් අවසන් වූ අතර ඒ අනුව දේශපාලන පක්ෂ 10ක් සහ ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඒ අනුව අද මධ්‍යහන 12.00 දක්වා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම් සිදුකෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago