ලන්ඩන් නුවර කෙනිංටන් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය පරදා කඩුලු 8කින් ජය ගත් ශ්‍රී ලංකාව ක්‍රිකට් වාර්තා පොත් අලුත් කරන්නට සමත් වුණා. මෙම තරගය සුවිශේෂී වන්නේ ආසියානු කණ්ඩායමක් එංගල්තයේ දී ජයග්‍රහණය හිමිකර ගත්, හඹාගිය වැඩිම ලකුණු (219-2) සංඛ්‍යාව මෙය වේ. මීට පෙර එම වාර්තාව ඔ්ස්ට්‍රේලියාවට එරෙහිව පාකිස්ථානය (180-7) ලීඩ්ස් පිටියේ දී 2010 වසරේ වාර්තා කර තිබිණි.
ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක මෙම තරගයේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් පළමු ඉනිමේ ලකුණු 64ක් හා දෙවැනි ඉනිමේ නොදැවී ලකුණු 127ක් ලබමින් තරගයේ වීරයා සම්මානය දිනා ගත්තේය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෙකු එංගලන්තයේ දී ශතකයක් ලබා ගැනීම මෙලෙස වාර්තා වූයේ වසර 13කට පසුව වීමද විශේෂත්වයකි. එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ ශතකයක් ලැබු අතලොස්ස අතරට එක්වූ පැතුම් නිශ්ශංක ඉතා සංයමයෙන් තමන් ශතකය කරා ගිය බව සඳහන් කළා.
ශ්‍රී ලංකාව එංගලන්තයේ දී ලැබු සිවුවැනි ජය මෙය වන අතර මීට පෙර අවසන් වරට ශ්‍රී ලංකාව එංගලන්තයේදී ටෙස්ට් තරගයක් ජයගෙන තිබුණේ 2014 වර්ෂයේ දී ය.
කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලියේ ජය 2-1 ලෙස එංගලන්තයට හිමිවිය.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…