ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවති ලග්ගල ජන රැළිය හෙට්ටිමුල්ල බස් නැවතුම්පළ දී ඊයේ (09) පැවැත්වුණා.
මෙහිදී අදහස් දැක්වීමට වේදිකාවට ගොඩ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩගේ කතාව ආරම්භයේ සිටම රැළියට සහභාගී වී සිටි පාක්ෂිකයන්ගෙන් දිගින් දිගටම දැඩි විරෝධයක් එල්ල වුණා. එහිදී පාක්ෂිකයන් ඉල්ලා සිටියේ ආසන සංවිධායක ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩගේ ඉවත් කර තිලක් බණ්ඩාර ඒ සඳහා පත් කරන ලෙසයි.
දිගින් දිගටම නාලක කෝට්ටේගොඩ වෙත එල්ල වූ විරෝධය හමුවේ නාමල් රාජපක්ෂ පවසා සිටියේ “හොඳ කෙනාව පාර්ලිමේන්තු ඡන්දයේදී තෝරා ගන්න. මේ ජනාධිපතිවරණ ඡන්දය” ලෙසයි.
එහිදී අදහස් දක්වමින් ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කලේ දේශපාලන පොරොන්දු වේදිකාවෙන් එපිට ප්‍රායෝගික වැඩ පිළිවෙළක් සමග මැතිවරණයට ඉදිරිපත් වන බවයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…