නවතම iPhone 16 දුරකථන පෙළ හඳුන්වාදෙයි !

1.2k Views
1 Min Read

ලෝකය පුරා පසුගිය දිනවල කතාබහට ලක්වූ iPhone 16 නව ස්මාට් ජංගම දුරකථන පෙළ ඊයේ (09) වෙළෙඳපොළට නිකුත් වුණා.

ඇපල් සමාගම පැවසුවේ, එම ජංගම දුරකථනය නවතම විශේෂාංග කිහිපයකින් සමන්විත බවයි.

ඇපල් සමාගම විසින් ඊයේ iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro සහ iPhone 16 Pro Max ලෙස වෙළෙඳපොළට හඳුන්වා දී තිබෙනවා.

ඇපල් සමාගම නිවේදනය කළේ, iPhone 16 යනු කෘත්‍රිම බුද්ධිය භාවිතය සඳහා නිර්මාණය කරන ලද පළමු මාදිලිය මෙය වන බවයි.

iPhone 16 සහ iPhone 16 Pro යන දෙකම සිකුරාදා පෙර-ඇණවුම සඳහා සහ සැප්තැම්බර් 20 වන දින වෙළෙඳසැල්වලින් ලබා ගත හැකි බව ඇපල් සමාගම නිවේදනය කළා.

අමෙරිකාවේ ස්මාර්ට් ජංගම දුරකථන වෙළෙඳපොළේ 52%ක පමණ ප්‍රමාණයක් iPhone සතුයි.

Share This Article
Leave a comment