ඉංජිනේරුවන් දෙදෙනෙකු ගමන් ගත් කැබ් රථයක් මෙලෙස අධිවේගී මාර්ගයේ කිලෝ මිටර් 0 දශම 5 කොට්ටාව ප්‍රදේශයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්ව ඇති අතර කැබ් රථයට බරපතල අලාභ සිදුවි ඇතැයි කොට්ටාව අන්තර් හුවමාරු පාලක මධ්‍යස්ථානය කියයි.
ඒ හේතුවෙන් මාතර දෙසට ගමන් කිරීම සඳහා කොට්ටාව හුවමාරුවෙන් වාහන ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බව පොලිසිය පවසනවා.
එම ගින්නෙන් ඉංජිනේරුවන් දෙදෙනාට හෝ රියදුරුට කිසිදු තුවාලයක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
කොළඹ ප්‍රදේශයේ සමාගමක ඉංජිනේරුවන් ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට වැඩමුළුවක් සිදුකිරීම සඳහා යමින් සිටියදී කැබ් රථයේ මෙම හදිසි ගිනි ගැනීම ඇතිවී තිබේ.
ගින්න සැලවූ වහාම විනාඩි කිහිපයක් තුළදී ගිනි නිවීමේ රථ එම ස්ථානයට කැඳවා ගින්න නිවා දැමීමට කටයුතු කළ බව පොලිසිය පවසයි.
කාර්මික දෝෂයක් මෙම ගින්නට හේතු වී ඇති බව පොලිසිය සැක කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…