එංගලන්තයේ තුන්ඉරියව් ක්‍රීඩක මොයින් අලී සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.
නව අනාගත පරපුරට අවස්ථාව ලබාදීම මෙය වඩාත් සුදුසු යැයි තමන් සිතන බව Daily Mail සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට තමන් ඇතුළත් නොකිරීමෙන් එය වඩාත් තහවුරු වූ බව ද ඔහු කියා සිටියා.
37 හැවිරිදි වියෙහි පසු වන තමන් සිය කොටස හොඳින් කර ඇති බවට විශ්වාස කරන බවයි මොයින් අලී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
2014 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් වරම් දිනාගත් ඔහු එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 138ක් සහ විස්සයි විස්ස 92කට සහභාගී වී තිබෙනවා.
එහිදී සියලු තරගවලදී ලකුණු 6678ක් රැස්කරගත්තේ, ශතක අටක් සහ අර්ධ ශතක 28ක් ඇතුළත් කරමින්.
එමෙන්ම කඩුලු 366ක් දවාගෙන තිබීමත් විශේෂත්වයක් වනවා.
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…
ලබන වසර මුල පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදේශ කටයුතු විදේශ රැකියා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) තෙවන සමාලෝචනය සම්බන්ධයෙන් එම අරමුදලේ නියෝජිතයින් අද (23) පෙරවරුවේ නිල වශයෙන්…