Local

සලකුණු කල ඡන්ද පත්‍රිකාව ඡායාරූපගත කල විදුහල්පතිට වැඩ වරදී !

මුලතිව්, පුදුකුඩීඉරිප්පු තැපැල් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය සලකුණු කළ නිල ඡන්ද පත්‍රිකාව ජංගම දුරකතනයකින් ඡායාරූපගත කළ එම ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු මුලතිව් පොලිසිය විසින් ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බව මුලතිව් පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කලා.

පසුගිය සිකුරාදා තැපැල් ඡන්දය භාවිත කළ අවස්ථාවේදී එම විදුහල්පතිවරයා දෙමළ අපේක්ෂකයෙකුට ඡන්දය ප්‍රකාශ කොට එම නිල ඡන්ද පත්‍රිකාවේ ඡායාරූප කීපයක් ගෙන තිබුණා.

එම අවස්ථාවේදී සිද්ධිය දුටු වෙනත් අයෙකු ඒ පිළිබදව මැතිවරණ නිලධාරීන්ට පැමිණිලි කිරීමෙන් පසුව මැතිවරණ නිලධාරීන් මුලතිව් සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ඒ බව දන්වා තිබේ . එහිදී එම නිලධාරීන් කළ පැමිණිල්ලකට අනුව අදාල විදුහල්පතිවරයා අත්අඩංගුවට ගැනීමට මුලතිව් පොලිසියට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී ඔහු ලබා ගත් ඡායාරූප හා එම ඡායාරූප කීප දෙනෙකු වෙත යවා ඇති ආකාරයත් පොලීසියට නිරීක්ෂණය වීම නිසා ගුරුවරයාගේ ජංගම දුරකතනයද පොලිස් භාරයට ගැනුණි.

සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සඳහන් කර ඇත්තේ තම ඡන්දය ස්ථිර වශයෙන්ම එම අපේක්ෂකයා වෙත සලකුණු කළ බව එම අපේක්ෂකයාට තහවුරු කිරීම පිණිස ඔහුට යැවීමට එහි ඡායාරූප ගත් බවයි.

අදාල සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මුලතිව් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට මුලතිව් මැතිවරණ නිලධාරීන් හා පොලීසිය පියවර ගෙන තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

51 minutes ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

1 hour ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

1 day ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

1 day ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago