Local

තණමල්විල ජාතික පාසලේ තවත් දැරියක් දූෂණයට ලක්වෙයි – 11 වසරේ සිසුවෙක් අත්අඩංගුවට !

තණමල්විල ජාතික පාසලේ ඉගෙනුම ලබන තවත් දැරියක් පාසලේම සිසුවෙකු විසින් අපයෝජනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.

අදාළ චූදිත සිසුවා ඊයේ (07) තණමල්විල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්ව ඇත්තේ තණමල් විල ජාතික පාසලේ අට වසරේ ඉගෙනුම ලබන බාල වයස්කාර සිසුවියකි.

සිසුවිය තණමල්විල ප්‍රදේශයේ පදිංචි සිය ආච්චිගේ නිවසට ගිය අවස්ථාවේ තණමල්විල ජාතික පාසලේම 11 වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් දැරියව රවටා අපයෝජනය කර තිබෙනවා.

සැකකාර සිසුවා මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර,දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. එහිදී දැරිය විසින් මේ බව පොලීසියට පවසා ඇත.

පාසලේ සහ සිසුන් 22ක් විසින් වසරක් තිස්සේ විටින් විට සමූහ දූෂණයට ලක් කරන ලද අපරාධය සිදුවී ඇත්තේත් මේ පාසලේ ය. එම සිද්ධිය වසන් කළ විදුහල්පතිවරයාත්, නියෝජ්‍ය විදුහල්පතිවරයා සහ විනය භාර ආචාර්යවරියත් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන දැනට ඇප මත නිදහස්ව සිටී.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago