Local

ව්‍යාජ ඉන්ධන සහ ගෑස් පෝලිම් මවා වීඩියෝගත කල අයට වැඩ වරදී !

කටුගස්තොට වීරකෝන් උද්‍යානය ප්‍රදේශයේ ඇති තරු හෝටලයක සිටින විදේශිකයන් කණ්ඩායමක් ත්‍රිරෝද රථවල ගමන් කිරීමට කැමැත්තෙන් සිටින බව පවසා ත්‍රී රෝද රථ විශාල සංඛ්‍යාවක් එම ඉන්ධන පිරවුම් හල අසලට කැඳවා එම ව්‍යාජ ඉන්ධන පෝලිම වීඩියෝ ගත කිරීමට සැලසුම් කොට තිබෙනවා.

මහනුවර කටුගස්තොට පාරේ ඉන්ධන පිරවුම් හලක ව්‍යාජ ලෙස තෙල් සහ ගෑස් පෝලිමක් ඇතිකොට එය වීඩියෝ ගත කිරීමට තැත් කිරීමේදී මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ පොලිසිය එක්ව එය වහාම නතර කිරීමට පියවර ගෙන තිබුණා.

ඒ අතර ව්‍යාජ ගෑස් පෝලිම සඳහා දිගන ප්‍රදේශයේ වත්තක කම්කරුවන් 50-60ක පමණ පිරිසක් රුපියල් 2500 බැගින් ගෙවා එම ස්ථානයට ගෙනවිත් තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

සිද්ධිය අනාවරණය වීමත් සමග මහනුවර මැතිවරණ නිරීක්ෂණ නිලධාරීන් සහ කටුගස්තොට පොලිසිය එම ස්ථානයට වහාම පැමිණ එම වැඩසටහන නතර කිරීමට පියවර ගෙන තිබෙන අතර ව්‍යාජ ගෑස් පෝලිමේ රැඳී සිටි කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් එම ස්ථානයෙන් ඉවත්කොට වෙනත් ස්ථානයකට යැවීමට මැතිවරණ නිරීක්ෂණයෙන් නිලධාරීන් සහ පොලිසිය කටයුතු කොට තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු එම වීඩියෝ වැඩසටහන කිසියම් ජනාධිපති අපේක්ෂකයෙකුගේ අවශ්‍යතාවය මත සිදුකිරීමට කොන්ත්‍රාත්තුව බාරගත් පුද්ගලයා බව පොලිසිය කියයි .

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago