‘මාර්තු 12 ව්‍යාපාරය’ විසින් සංවිධානය කරනු ලබන ජනාධිපති අපේක්ෂක විවාද මාලාවේ පළමුවැන්න හෙට (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා (BMICH) පරිශ්‍රයේ දී පැවැත්වීමට නියමිතව ඇත.
හෙට දින විවාදය සඳහා ජනාධිපති ධූර අපේක්ෂකයින් වන සජිත් ප්‍රේමදාස, දිලිත් ජයවීර, නාමල් රාජපක්ෂ සහ පී. අරියනේත්‍රන් යන සිය සහභාගිත්වය ස්ථිර කර ඇත.
මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේ, හෙට ප.ව. 3.00 සිට 5.00 දක්වා සියලුම ප්‍රධාන රූපවාහිනි නාලිකා සහ සමාජ මාධ්‍ය ජාල 200කට අධික ප්‍රමාණයක මෙම විවාදය සජීවිව විකාශය කෙරෙන බවයි.
විවාද මාලාව සඳහා සහභාගී වීමට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හට නොහැකි බව දක්වා තිබූ නමුත් තවමත් ඔහුගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවට රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…