බිබිල නාගල ප්‍රදේශයේදී අද (05) රාත්‍රී 7:30ට පමණ බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 47 දෙනෙකු පමණ රෝහල්ගත කර තිබේ.
පොලීසිය සඳහන් කළේ බිබිල පොලිස් වසමේ බිබිල අම්පාර මාර්ගයේ නාගල ප්‍රදේශයේදී බිබිල දෙස සිට අම්පාර දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක එම දෙසටම ඊට පසුපසින් ධාවනය වූ ලංගම බස් රථයක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවය.
පෞද්ගලික බස් රථයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවය කරන පිරිසක් ගමන් කර තිබේ.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 47 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා බිබිල රෝහලට ඇතුළත් කර ඇත.
පුද්ගලික ආයතනයක සේවකයින් රැගත් පුද්ගලික බස් රථය සේවකයින්ට බැසීම සඳහා නවතන අවස්ථාවේදී පසු පසින් පැමිණි බස් රථය එම බස් රථයේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බවද පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…