Uncategorized

පාසලක වෙඩි තැබීමක් – සිව් දෙනෙක් ජීවිතක්ෂයට !

ජෝර්ජියාවේ උසස් පාසලක වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයන් 4 දෙනෙකු මිය ගොස් 9 දෙනෙකු තුවාල ලබා ඇති අතර, වෙඩි තැබීම සිදු කළ 14 හැවිරිදි පිරිමි ළමයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ජෝර්ජියාවේ බරෝ ප්‍රාන්තයේ වින්ඩර් හි ඇපලාචි උසස් පාසලේ (Apalachee High School) ඉගෙනුම ලැබූ මෙම සිසුවා සිදු කළ ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ එහිම ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකුයි.

කෝල්ට් ග්‍රේ (Colt Gray) නම් මෙම සිසුවාව නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව වැඩිහිටියෙකු ලෙස සලකා මිනීමැරුම් චෝදනා එල්ල වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සිදුකළ සිසුවා සමග අමෙරිකානු FBI ආයතනය පසුගිය වසරේ ඔහු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ එම සිසුවා පාසැලේ වෙඩි තැබීමක් සිදුකිරීමට ඇත්තේ අන්තර්ජාල තර්ජන පිළිබඳ නිර්නාමික ඉඟි ලැබීමෙන් පසුවයි.

නමුත් ඒ අවස්ථාවේ FBI නියෝජිතයන් ඔහුව අත්අඩංගුවට ගෙන නැහැ.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago