පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයෙන් ඉකුත්දා රජයට එක් වූ වේලු කුමාර් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (05) වාරණ නියෝගයක් නිකුත් කළා.
දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් ඉකුත් දා අකුරැස්ස ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්තියට සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා වේලු කුමාර් මන්ත්‍රීවරයා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව අදාළ ප්‍රකාශය දයාසිරි ජයසේකර මහතාගේ ෆේස්බුක් පිටුවේ සහ සමගි ජන බලවේගයේ ෆේස්බුක් පිටුව ඇතුළු සමාජ මාධ්‍යවල පළ කිරීම වළක්වාලමින් මෙම වාරණ නියෝගය නිකුත් කළ අතර එය දින 14ක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…