Local

ඌව ආණ්ඩුකාර මුසම්මිල් හදිසියේ ඉල්ලා අස්වෙයි !

ඌව ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමු කරමින් තමා සිය තනතුරෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී තිබෙනවා.

ඔහු එහි සඳහන් කර ඇත්තේ තමා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉල්ලා අස්වන බවය.

එහි මුසම්මිල් මහතා තවදුරටත් සඳහන් කර ඇත්තේ තමා ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට තීරණය කළ බවය.

මුසම්මිල් මහතා 2011 සිට 2016 දක්වා කොළඹ නගරාධිපති ලෙස කටයුතු කරනු ලැබුවා.

එසේම 2017 – 2019 යහපාලන ආණ්ඩුව සමයේදී ඔහු මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කර තිබුණා.

අනතුරුව ඔහුව 2019 වසරේදී බස්නාහිර පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස පත්කළ අතර 2020 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහු ව ඌව පළාතේ ආණ්ඩුකාර ධුරයට පත්කරනු ලැබුවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago