රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්නගේ අනුරාධපුර නිවස අසලදී ඔහුගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධියට සහාය වූ බව කියන අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරී (ASP) සංජීව මහානාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වෙඩි තැබීම නළුවා විසින්ම සහකාර පොලිස් අධිකාරිවරයකු සමඟ එක්ව මෙහෙයවූවක් බව මීට පෙර ප්‍රකාශ විය.
මූලික විමර්ශනවලට අනුව එම මන්ත්‍රීවරයා සහකාර පොලිස් අධිකාරීවරයා සමඟ එක්ව මෙම සිද්ධිය සැලසුම් කර ඇති බව පැවැසේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නගේ වාහනයට වෙඩි ප්‍රහාරය එල්ල වූයේ 2023 සැප්තැම්බර් 17 වැනිදාය.
වෙඩි තැබීමෙන් මෝටර් රථයේ පැති වීදුරුවට හානි සිදුවී ඇතත් මන්ත්‍රීවරයාට තුවාල සිදුවී නැත.
සිද්ධියෙන් පසු සහකාර පොලිස් අධිකාරී මහානාම පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි අවසරයකින් තොරව රටින් පිටව ගිය අතර මේ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් ද ආරම්භ කෙරිණි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මාලඹේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් හිටපු සහකාර පොලිස් අධිකාරීවරයා අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය සඳහන් කරයි.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…