Political

පාස්පෝට් පෝලිම් වල පීඩා විඳින ජනතාවගෙන් ජනපති සමාව ඉල්ලයි !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹදී ඊයේ සංවිධාන කළ “ඕනෑම දෙයක් මගෙන් අසන්න” විශේෂ වැඩසටහනට එක් වෙමින් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදය සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳව සමාව අයැද තිබෙනවා.

එම තත්ත්වය නිවැරදි කිරීමට රජය දැඩි කැපවීමෙන් කටයුතු කරන බවට ජනාධිපතිවරයා ජනතාවට සහතික වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මහජනතාව මේ සම්බන්ධයෙන් දුෂ්කරතා රැසකට මුහුණ දෙන බව ජනාධිපතිවරයා පිළිගෙන තිබේ. කෙසේවෙතත් විදේශ ගමන් බලපත්‍ර ක්‍රමය ඩිජිටල්කරණය කිරීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ අදහස් පළ කළේ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් කොළඹදී ඊයේ සංවිධාන කළ “ඕනෑම දෙයක් මගෙන් අසන්න” විශේෂ වැඩසටහන අමතමිනි.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

3 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago