Local

පාස්පෝට් ගන්න ඉන්න අයට සුබ පණිවිඩයක් මෙන්න !

ලබන මස 15 වැනි දා වනවිට නව ආරක්ෂක උපංගයන්ගෙන් සමන්විත නව විදෙස් ගමන් බලපත්‍රය මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවයි, එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

ලබන 15 වැනි දා වනවිට එහි පළමු තොගය වන විදෙස් ගමන් බලපත්‍ර 50,000ක් මෙරටට ලැබෙනු ඇති.

ඒවා ලැබීමත් සමග දැනට විදෙස් ගමන් බලපත් නිකුත් කිරීමේදී මතුව ඇති අර්බුදයට විසඳුම් ලැබෙන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ය.

එතෙක් දෛනිකව විදෙස් ගමන් පලපත්‍ර නිකුත් කිරීම 1000කට සීමා කිරීමට සිදුව ඇති බව දෙපාර්තමේන්තුව පැවසුවා.

දැනට දෙපාර්තමේන්තුව සතුව විදෙස් ගමන් බලපත් හිස් පොත් 30000ක් පමණ පවතින බවයි, එහි ජ්‍යේෂඨ නිලධාරියෙකු පැවසුවේ.

ඒවා කළමනාකරණයෙන් යුක්තව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ දිනවල ආගමන විගමන ප්‍රධාන කාර්යාලය අසළ හා ප්‍රාදේශීය කාර්යාල අසළ‍ දිගු පෝලිම් පවතින්නේ, විදෙස් ගමන් බලපත් ලබා ගැනීමේ අරමුණින් පැමිණි ජනතාව හේතුවෙනි.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago