Foreign

ඩයනා කුමරිය පිරිමි ආත්මයකින් නැවත ඉපදිලා !

බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳ පවසන අට හැවිරිදි දරුවෙකු ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස ඩයනා කුමරියගේ පසුගිය ආත්මයේ විස්තර පවසන්නේ ඔස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවෙකි.

පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය මෙසේ සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බිලී වයස අවුරුදු දෙකේදී තමන් පසුගිය ආත්මයේදී ඩයනා කුමරිය බව පවසමින් ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් මතක් කිරීමට පටන් ගත් බව ඔහුගේ පියා වන ප්‍රසිද්ධ රංගන ශිල්පී ඩේවිඩ් කැම්බල් ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

බිලීගේ වයසේ පසුවන දරුවකු දැන සිටීමට කිසිදු හැකියාවක් නොමැති ඩයනා කුමරියගේ ජීවිතයේ සිදුවීම් සහ මතකයන් පිළිබඳ ඔහුට දැනීමක් තිබෙන බවද ඩේවිඩ් පැවැසුවා.

බිලී ඩයනාගේ ජීවිතය පිළිබඳ පවසන තොරතුරු ඉතාමත් නිවැරදි බවත් බොහෝ දෙනා ඉන් පුදුමයට පත් වන බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

බිලී කැම්බල් ඩයනා කුමරියට ජීවිතය අහිමිවූ මෝටර් රථ අනතුර පිළිබඳව ඉතා නිවැරදි තොරතුරු මෙන්ම බැල්මොරල් මාළිගාව පිළිබඳව තොරතුරුද හොඳින් දන්නා බවත් තමා සහ බිරිඳ ඉන් කම්පනයට පත්වූ බවත් ඩේවිඩ් කැම්බල් පැවැසුවා.

බිලී බැල්මොරල් මාළිගාව ඇවිද යන ආකාරය හොඳින් විස්තර කරන බවද ඔහු පෙන්වා දුන්නේය. ඩයනා කුමරියගේ ඡායාරූපය පෙන්වූ විට ඒ මම යැයි බිලී පවසන බවත් වයස අවුරුදු තුනේදී බිලි හැරී සහ විලියම්ට මාගේ කොල්ලෝ දෙන්නා යැයි ආමන්ත්‍රණය කිරීමට පටන් ගත් බවත් ඩේවිඩ් ප්‍රකාශ කළා.

ඩයනා කුමරිය බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකාවක වූ අතර ඇය විලියම් සහ හැරීගේ මවද වූවාය. ඩයනා කුමරිය 1997 වසරේ අගෝස්තු 31 වැනිදා පැරිසියේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් මරණයට පත්විය.

ඩේවිඩ් කැම්බල් සිය පුත්‍රයාගේ අසාමාන්‍ය හැසිරීම පිළිබඳව ප්‍රථමවරට 2019 වසරේදී මාධ්‍ය ඉදිරියේදී ප්‍රකාශයක් කර ඇති අතර බිලී සැබැවින්ම ඩයනා කුමරියගේ පුනුරුප්පත්තිය යැයි විශ්වාස කරන පිරිසක් මෙන්ම රංගන ශිල්පියාගේ පුත්‍රයාද රංගන ශිල්පියකු බව පවසමින් විවේචන එල්ල කරන පිරිසක්ද සිටී. කෙසේ නමුත් අට හැවිරිදි බිලී ප්‍රකාශ කරන විස්තර සම්බන්ධයෙන් බොහෝ දෙනා කුතුහලයෙන් පසුවන අතර උනන්දුවක්ද දක්වනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago