Sports

සමිත දුලාන් වාර්තා අලුත් කරමින් පැරාලිම්පික් රිදී පදක්කම දිනා ගනී !

ශ්‍රී ලංකාවේ සමිත දුලාන් කොඩිතුවක්කු 2024 පැරිස් “පැරාලිම්පික්” ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ (F64) ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් වුණා.

සමිත විසින් සිය ඉසව්ව ආරම්භ කරමින් මීටර් 63.14 ක දුරක් හෙල්ල විසි කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම ද මෙයයි.

ඉසව්වේ සිව්වැනි උත්සාහය දක්වා සමිත තරගකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ රැඳෙමින් මීටර් 63 සීමාවේ රැඳී සිටි අතර, ඔහු එම සීමාව තරණය කිරීමට සිය පස් වැනි උත්සාහයේ දී සමත් වුණා.

F64 කාණ්ඩයේ මීට පෙර පැවති ලෝක වාර්තාව වූ මීටර් 66.49ක දුර ද සමිත විසින් මෙම වසරේ දී ම වාර්තා කළ එකක් වූ අතර, ඔහු සිය පස් වැනි උත්සාහයේ දී මීටර් 67.03ක දුරක් හෙල්ල විසි කරමින් එම ලෝක වාර්තාව බිඳ හෙළීමට සමත් වුණා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago