Local

වාහන වල පක්ෂ ප්‍රවර්ධන ස්ටිකර් සහ පෝස්ටර් ගැසූ අයට වැඩ වරදී !

ජනාධිපතිවරණයට අදාළ ස්ටිකර් සහ පෝස්ටර් වාහනවල ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී බව පොලීසිය පවසනවා.

ඒ අනූව සියලූම වාහන හා ත්‍රීරෝද රථවල අලවා ඇති පක්ෂ, කණ්ඩායම් සහ අපේක්ෂක ප්‍රවර්ධන ස්ටිකර්, ඡායාරූප ඉවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලීසියට උපදෙස් දී තිබෙනවා.

මේ තීරණය ගෙන ඇත්තේ මැතිවරණ නීතිරීතිවලට අනුකූල නොවන අන්දමින් පෞද්ගලික බස් රථ, ත්‍රීරෝ රථ ඇතුළු පෞද්ගලික වාහනවල අපේක්ෂකයන්, පක්ෂ ප්‍රවර්ධන වන ආකාරයේ වැකි,  සලකුණු සහ ඡායාරූප ඇතුළත් ස්ටිකර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි සැලකිල්ලට අරගෙනය.

එවැනි වාහනවල ඇති පෝස්ටර් සහ ස්ටිකර් ගලවා ඉවත් කිරීමට පොලීසියට උපදෙස් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේය.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

6 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago