Local

ධීවර යාත්‍රාවක් නැවක ගැටෙයි – තිදෙනෙක් අතුරුදහන් !

“නිහතමානි 01” නමැති මෙම බහුදින යාත්‍රාව ඉකුත් 25වනදින ධිවරයින් හත් දෙනෙකු සමග ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගොස් තිබෙනවා.

මෙම බහුදින යාත්‍රාවක් දකුණු මුහුදේ නාවික සැතපුම් 265ක පමණ දුරදි නැවක හැපි පෙරළී යාමෙන් අද (03) අලුයම සිදුවූ අනතුරකින් ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසනවා.

යාත්‍රාව පෙරළී ධිවරයින් සියලු දෙනා මුහුදට වැටි ඇති අතර වෙනත් යාත්‍රාවක් මගින් හතර දෙදෙනකු බේරාගෙන ඇති බවත් තිදෙදෙනකු අතුරුදහන්ව ඇති බවත් පොලිසිය පවසයි.

මේ වන විට නාවික හමුදාවේ නාවික නෞකා ගජබාහු නෞකාව එම මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරමින් සිටින බව නාවික හමුදාව කියයි.

අතුරුදහන් වූ ධිවරයින් සොයා නාවික හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුමක් ද ආරම්භ කර ඇති අතර වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මෙශාන් ද සිල්වා ඇතුලු නිලධාරි කණ්ඩායමක් විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

3 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

4 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago