Local

කොළඹ වරායේ UTC අංගනයේ කන්ටේනරයක මළ සිරුරක් !

කොළඹ වරායේ UTC අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, අංගොඩ ප්‍රදේශයේ පදිංචි බී.පි අරුණ පුෂ්පකුමාර (57) නැමැති අයෙකි.

මියගිය පුද්ගලයා සිය සහෝදරයා සමග ඉකුත් සෙනසුරාදා (31) භාණ්ඩ නිදහස් කර ගැනීම සඳහා පැමිණ අනෙකුත් කන්ටේනර සමග එක පෙළට නවතා තිබී ඇති අතර සහෝදරයා පෙරේදා (01) නිවස කරා ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

එම ස්ථානයේ නවතා තිබූ කන්ටේනර් රථ පහක් එම ස්ථානයෙන් භාණ්ඩ නිදහස් කරගැනීම සඳහා පිටව ගියද මෙම කන්ටේනර් රථය එම ස්ථානයේම නවතා තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක නිලධාරියකු සොයා බැලීමේදී මෙම පුද්ගලයා රියදුරු අසුනට පිටුපස අසුනේ වැතිරී සිටින අයුරු දැක ඇත.

පසුව ඔහුට කතා කර ඇති අතර ප්‍රතිචාරයක් නොලද හෙයින් ඒ පිළිබඳ පොලිසිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව එහි ගිය පොලිස් නිලධාරීන් සිදු කළ පරික්ෂාවේදී එම පුද්ගලයා මියගොස් ඇති බවට තහවුරු කරගෙන තිබූ බව පොලිසිය පවසනවා.

මරණයට හේතුව දැන ගැනීම සඳහා මළ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

5 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

6 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago