Accident

එකම පවුලේ තිදෙනෙකු රෝහලට යැවූ බිහිසුණු රිය අනතුර !

බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු පැමිණෙමින් තිබු ත්‍රීරෝද රථයක් බස් රථයක ගැටී අනතුරට ලක්වී එකම පවුලේ තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. එම අනතුර සිදුව ඇත්තේ බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදීයි.

ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයේ ඉදිරිපස රෝදය සවිව තිබූ ඇක්සලය කැඩී ගොස් ඉදිරිපස රෝදය ගැලවීමත් සමගම රියදුරුට ත්‍රීරෝද රථය පාලනයෙන් ගිලිහීගොස් ඇති අතර පසුව ත්‍රී රෝදරථය ඉදිරිපසින් පැමිණි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරින් බරපතල ලෙස තුවාල ලබා රෝහල්ගත වී ඇත්තේ සැමියා, බිරිය සහ ලේලිය යි. අවුරුදු 43, 67 හා 73 සහ වයස්වල පසුවන අතර ඔවුන් මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.

අනතුරින් ත්‍රීරෝද රථයේ සිටි කාන්තාවකගේ අතක් සහ පාදයක් බිඳි ගොස් ඇති අතර සෙසු දෙදෙනාටද අනතුරින් තුවාල සිදුව තිබෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago