Local

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහය දීමට ගත් තීරණයෙන් පක්ෂය දෙකඩ වෙයි !

එළඹෙන ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දීමට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය ගත් තීරණය පිළිබඳ පක්ෂ අභ්‍යන්තරයේ මතභේදාත්මක තත්වයක් ඇතිකර තිබෙනවා.

සජිත් ප්‍රේමදාසට සහය දීමට තීරණය කළ බව මධ්‍යම කාරක සභාව තීරණය කළ බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළ ද එම තීරණය සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බව ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කරනවා.

මාවෙයි සේනාධිරාජා පැවසුවේ අසනීප තත්ත්වයක් නිසා අද පැවති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වීමට නොහැකි වූ බවය. එහි ගත් තීරණ සහ සාකච්ඡා කළ කරුණු පිළිබඳ තමන් නොදැනුවත් බව ද ඔහු පවසනවා.

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය දෙමළ ජතික සන්ධානයේ ප්‍රධානම පක්ෂය වූ අතර මෙම සන්ධානය තුළ ඇති වී තිබුණු ගැටලු මගහරවාගෙන එය එක මිටක පවත්වා ගැනීමට ආර්. සම්පන්දන් මන්ත්‍රීවරයා දැරූ ප්‍රයත්නය ඔහුගේ අභාවය සමග අවසන් වූ අතර දෙමළ පොදු අපේක්ෂකයා ඉදිරිපත් කිරීමට රනිල් වාදී විග්නේෂ්වරන්ගේ මූලිකත්වයෙන් ගත් ප්‍රයත්නයෙන් පසු ද්‍රවඩි ජාතික සන්ධානය විසිරී ගියා.

ටී.එන්.ඒ මව් පක්ෂය වූ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය පමණක් දෙමළ පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට නාමයෝජනා ලබාදුන් පී. අරියනේත්‍රන් ට සහාය නොදී සිටීමට තීරණය කර තිබිණි. සන්ධානයේ අනෙක් පක්ෂ දෙමළ පොදු අපේක්ෂකයාට සහාය දීමට එක් වුණා.

මේ වනවිට ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායකත්වයත් එහි මාධ්‍ය ප්‍රකාශකවරයාත් අතර ද ගැටුමක් ඇති වී තිබෙනවා.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

7 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago