හිසකෙස් කැරළි කර ගැනීමට ඊයේ (30) මිනුවන්ගොඩ ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් වෙත ගිය 35 හැවිරිදි කාන්තාවකට සිදු වූ අවාසනාවන්ත සිදුවීමක් ගැන කරුණු අනාවරණ වුණා.
හිසකෙස් කැරළි ගැනිවීම සඳහා භාවිතා කල රසායන මිශ්‍රණයක් ආසාත්මික වීම නිසා එම කාන්තාවට මද වේලාවකින් අපහසුතාවක් ඇති වී තිබෙනවා. එම අවස්ථාවේදී ඇය තම හිසකෙස් අතගා බලන විට සියලු හිසකෙස් ගැලවී ඇගේ අතට පත් වී තිබුණා.
සිද්ධියට මුහුණ දුන් කාන්තාව මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කල පසු ඇයව වහාම ගම්පහ රෝහලට යවා තිබෙනවා. ඇය මේ වන විට එහි ප්‍රතිකාර ගන්නා අතර අදාළ රූපලාවන්‍යාගරය පිළිබඳ තොරතුරු විමසීමට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් එම ස්ථානයට යන විට එම ආයතනය ඉබි යතුරු දමා වසා තිබූ බව පොලිසිය පවසනවා.
රූපලාවන්‍යාගාරයේ හිමිකාරියද මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ.
මේ පිළිබඳව මිනුවන්ගොඩ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව රූපලාවන්‍යාගාරයේ හිමිකාරිනිය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මිනුවන්ගොඩ බස් නැවතුම්පොළ ඉදිරිපස සණස ගොඩනැගිල්ලේ මෙම රූපලාවන්‍යාගාරය පවත්වාගෙන ගොස් ඇති බවද සඳහන් වනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…