Local

කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ පණිවිඩයක් !

ඓතිහාසික සීනිගම ශ්‍රී මහා දෙවොල් දේවාලයේ වාර්ෂික පෙරහැර අද ( 31 ) සිට සැප්තැම්බර්  03 වන දින දක්වා එම දේවාලය ආසන්නව ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ සංචාරය කරන බැවින් පෙරහැර පැවැත්වෙන කාලය තුළ මාර්ගය ආශ්‍රිතව වාහන ගමනාගමනය සීමා කරන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

පෙරහැර ගමන් ගනා කාල සීමාව මෙසේයි.

31 සෙනසුරාදා – දහවල් 01.00 සිට රාත්‍රී 08.00 දක්වා

01 ඉරිදා – දහවල් 01.00 සිට රාත්‍රී 08.00 ට දක්වා

02 සඳුදා – සවස 06.00 සිට 03 දා  අළුයම 04.00 දක්වා

03 අඟහරුවාදා – 03 දා  සවස 06.00 සිට පසුදා  අළුයම 04.00 දක්වා

එම කාල සීමා තුළ  ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය කරන වාහන එක් මං තීරුවක ගමන් කරවීමටත්  කොළඹ දෙස සිට ගාල්ල දෙසට ගමන් ගන්නා වාහන (බර වාහන හැර)  විකල්ප මාර්ගයක් ලෙස  මීටියාගොඩ පොලිස් වසමේ කහව හන්දියෙන් හරවා මීටියාගොඩ, කිරලගහවෙල හන්දියෙන් වමට හරවා අලුත්වල, සරණ හන්දිය, ගෝනාපීනුවල හතර මං හන්දිය හරහා කුමාර කන්ද හන්දිය ඔස්සේ ගාලු පාරට ගමන් කර ගාල්ල දෙසට ගමන් කරවීමටත්  කටයුතු යොදා ඇතැයි පොලීසිය දැනුම් දෙනවා.

තුෂරි සිංහාරමුදලිගේ

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

8 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

9 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago