Local

කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වීමේ අවදානමක් – ඇප ලබාදෙන ලෙස ඉල්ලයි !

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත්වීමේ දැඩි අවදානමක් ඇතැයි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව, මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

යම් හෙයකින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත්, සිය සේවාදායකයාට ඇප ලබාදුන්න ද එහි ප්‍රතිඵලයක් නොමැති බවයි ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

එවැනි තත්ත්වයකදී රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා කෙහෙළිය රඹුක්වැල්ලට සුවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින්නැයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

ඊට විරුද්ධත්වය දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සඳහන් කළේ, පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා, එය සැළකිල්ලට ගැනීමෙන් පසුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ලට ඇප ලබා දීම පිළිබඳව සළකා බැලිය හැකි බවයි.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, කෙහෙළිය රඹුක්වැල්ල පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර කඩිනම් වාර්තාවක් කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.

Team CNF

View Comments

  • ඔය දිධ්ට දම්ම. ඇප දුන්නත්. පඩිසන් දෙන එකේ ඔහොම ඉන්න අරින්න.. ගෙවලම ඉවර කරන්න දෙන්න ..

  • මිනිසුන්ට හොර බෙහෙත් ලබාදීමේ ප්‍රතිඵලයක් තමයි ,ඔහුගේ නීතිඥවරයා දොස්තර විභාගයක් පාස් කරල තියෙනවද ඔහු ආබාධිත වෙනවා කියලා කියන්න, නීතිඥවරියට ගරු කරනවා සුදුසු තීරණයක් ගැනීම ගැන , 🙏🙏🙏

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

4 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

5 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

2 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

2 days ago