News

අතුරුදන් කළ වූවන්ගේ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් සංවිධාන කළ විරෝධතා පාගමනට අධිකරණයෙන් නියෝගයක් !

බලහත්කාරයෙන් අතුරුදන් කරවීමෙන් ගොදුරු බවට පත් වූවන් අනුස්මරණය කිරීමේ ජාත්‍යන්තර දිනය අදට (30) යෙදී තිබෙනවා.

ඒ වෙනුවෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් උතුරු – නැගෙනහිර දෙපළාතේ විරෝධතා පා ගමන් සංවිධාන කර ඇති බවයි වාර්තා වන්නේ.

නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතා පා ගමන සම්බන්ධයෙන් ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ත්‍රිකුණාමලය මූලස්ථාන පොලිස්ථානයේ වැඩ බලන මුලස්ථානය පොලිස් පරීක්ෂකවරයා විසින් සිදු කළ කරණු වාර්තා කිරීමටක අනුවයි.

මෙම විරෝධතා පාගමන හේතුවෙන් ජාතීන් අතර නොසන්සුන්තාවයක් ඇති වීමටත් මහජනතාව හා දේපළවලට හානි සිදුවිය හැකි බවටත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත් අදාළ විරෝධතාව ත්‍රිකුණාමලය මුහුදු වෙරළෙහි පැවැත්වෙනවා.

2017 වසරේ පෙබරවාරි මස 20 වන අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියේ දී ආරම්භ කළ විරෝධතාව අඛණ්ඩව දින 2,747ක් වන දිනටත් ක්‍රියාත්මක වනවා.

කෙසේ වෙතත්, මෙම විරෝධතාව සඳහා එක්වන සහ එය සංවිධානය කරන කණ්ඩායම්වලට නාඳුනන පුද්ගලයන්ගෙන් තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබී ඇති බවට ද, නිර්නාමික පත්‍රිකා හරහා බිය ගැන්වීම් සිදු කරන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

2019 වසරේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයා සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ, අතුරුදන් වූ බව කියන පුද්ගලයන්ගේ සැළකිය යුතු පිරිසක් මිය ගොස් ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා, ඥාතීන් වෙත මරණ සහතික නිකුත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම ප්‍රකාශ කර තිබුණා.

2016 වසරේ අගෝස්තු මස පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද අතුරුදහන්වූවන් පිළිබඳ කාර්යයාල පනත අනුව ස්ථාපනය කළ අතුරුදන්වූවන් පිළිබඳ කාර්යයාලය විසින් පසුගිය දශක කිහිපය තුළ පුද්ගලයන් 65,000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදහන් වූ බවට ගණන් බලා ඇති බව සඳහන්.

ඊට අදාළ අතුරු වාර්තා එම කාර්යයාලයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා විසින් එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමටයි කටයුතු කළේ.

1983 වසරේ සිට ගැටුම් පැවති කාලය දක්වා 65,000ක පිරිසක් අතුරුදහන් වී ඇති බව සංහිඳියා කාර්යාලයේ ප්‍රධානී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කළා.

ලොව වැඩිම බලහත්කාරයෙන් අතුරුදන් කළ පුද්ගලයන් සිටින රටවල් අතර ශ්‍රී ලංකාව තව දුරටත් මුල්තැනක සිටින බවටයි විදෙස් මානව හිමිකම් සංවිධාන අවධාරණය කරන්නේ.

ආරක්ෂක අංශවලට භාරවීමෙන් අනතුරුව ශ්‍රී ලාංකිකයන් 12,000 ක් අතුරුදහන් වී ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරන අධ්‍යයනයකින් ද හෙළි වී තිබෙනවා.

2003 දී ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සඳහන් කළේ සිවිල් යුද්ධයේ දී අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි 20,000 ක් ලැබී ඇති අතර ඉන් 9,000 ක් විමර්ශනය කර ඇති බවත් තවත් 11,000ක් විමර්ශනය වෙමින් පවතින බවයි.

ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසන පරිදි අසූව දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ සිදුව ඇති බලහත්කාරයෙන් අතුරුදහන් කරවීම් සංඛ්‍යාව හැටදහසකට වැඩි අතර ඒ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව ලක්ෂයකට ආසන්න ය.

Team CNF

Recent Posts

OGP ආයෙත් ගන්න ජනාධිපතිට සිවිල් සමාජයෙන් ඉල්ලීමක් !

විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…

7 hours ago

ආපදාවෙන් උසස් පෙළට ඇතිවන බාධා මගහැරවීමට විශේෂ වැඩපිළිවෙළක් !

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…

8 hours ago

නිධන් නාඩග​ම අවසන්, අධිකරණ නියෝගයකින් කැනීම් කළ නිධානයේ පසු කතාව!

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…

2 days ago

පුනරු​ද ආණ්ඩුව සමග පැමිණි IMF එකඟතා මොනවා ද?

ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…

2 days ago

වෛරස් උණක් ගැන අනතුරු ඇඟවීම් !

මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…

3 days ago

විදෙස්ගත ශ්‍රමිකයින්ට දුන් විද්‍යුත් වාහන බලපත්‍ර 1000ක් වංචා කරලා – විශේෂ විගණනයකින් හෙළිවූ දේ මෙන්න !

විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…

3 days ago