වවුනියාව හා මන්නාරම රෝහල්වල සේවය කරණ වෛද්‍යවරු අතරින් 41 දෙනෙකු එම සේවාවේ තෘතීයික ශ්‍රේණියේ සුදුසුකම් ලබා නොමැති බව හෙළි වී තිබෙනවා.
මන්නාරම රෝහලේදී උපාධිධාරී කාන්තාවක් හා වවුනියාව රෝහලේදී දරු ප්‍රසූතියේදී බිළිදෙකු මියයාමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන සෞඛ්‍ය බලධාරීන් එම රෝහල් දෙකේ වෛද්‍යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කොට බැලීමේදී මේ තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම වෛද්‍ය වරු 41 දෙනා අතරින් කීප දෙනෙකු රජයේ වෛද්‍ය සභාවේ ලියාපදිංචියක්ද ලබා ගෙන නොමැත.
මේ අතර තවත් වෛද්‍යවරු පිරිසක් ඔවුන් පෙනී සිටීමට නියමිත භාෂා විභාග වලට හා අනෙක් උසස් විභාග වලට පෙනී සිට නොමැති බවටද තොරතුරු හෙළි වී ඇත.
මේ ආරංචිය ලැබීමත් සමගම උතුරේ ස්වේච්ඡා සංවිධාන කීපයක් විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ උතුරේ රෝහල්වල සේවය කරණ වෛද්‍යවරු සියලු දෙනාගේම සුදුසුකම් හා ඔවුන්ගේ වෙනත් විස්තර ඉල්ලා අයදුම් පත් ඉදිරිපත් කොට තිබෙනවා.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…