එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්, පාලිත රංගේ බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කිරීමට එජාප නායක රනිල් වික්‍රමසිංහ විසින් තීරණය කර තිබෙනවා.
ඔහු සම්බන්ධයෙන් ලැබී ඇතැයි පැවසෙන බරපතල කාරනා කිහිපයක් සැලකිල්ලට ගනිමින් එජාප නායකයා මෙවැනි තීරණයකට එළඹ තිබෙනවා.
ඒ අනුව පාලිත රංගේ බංඩාර සිය දියණියට ඔස්ට්‍රේලියාවේ තානාපති කාර්යාලයේ රැකියාවක් ලබාදෙන මෙන් ජනාධිපතිවරයාට බලපෑම් කිරීමත්, ඔහුට මහලේකම් තනතුර සඳහා ලබාදී තිබූ වාහනය සිය පුතා වෙත ලබාදී ඇති අතර ඔහු විසින් එම වාහනයෙන් අනතුරක් සිදු කිරීම සහ මුදලට විවිධ ආසන සංවිධායකවරු, පක්ෂ නියෝජිතයන්, නිලධාරීන් පත් කිරීම යන චෝදනා මත ඔහුව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.
එජාප ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ලේකම්වරයා පත්කිරීමේ හා අවශ්‍ය ඕනෑම මොහොතක ඉවත් කිරීමේ බලය ඇත්තේ පක්ෂ නායකයා ටය.
පසුගිය දින කිහිපයේ ඔහු ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ රාජකාරි කටයුතු සඳහා නොපැමිණි බවද වාර්තාවනවා.
ඒ අනුව, එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර හැර සෙසු නිලධාරීන් වෙත මැතිවරණ මෙහෙයුම් වගකීම් බාරදීමට එජාප නායකයා ඊයේ (28) කටයුතු කර තිබෙනවා.
පක්ෂ ආරංචි මාර්ග විසින් මේ බව සඳහන් කරන අතර ඔහු ජනපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වීමේ අවස්ථාවට ද සහභාගී වී නැතැයි සඳහන්.
විවෘත රාජ්‍ය හවුල්කාරිත්වය (OGP) සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම නැවත සාකච්ඡා කිරීමට සහ OGP වැඩසටහන නැවත…
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාල සීමාව තුළ ආපදා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බාධා මගහරවා ගනිමින්…
අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක ඇති බව කියන නිධානය සොයා පුරා…
ශ්‍රී ලංකාවට ලබා දී ඇති විස්තීරණ ණය අරමුදල් පහසුකම (EFF) යටතේ තුන්වන සමාලෝචනය අවසන් කිරීම…
මේ දිනවල ජනතාව අතර වෛරස් උණ රෝගයක් ව්‍යාප්ත වෙමින් ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.…
විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටට විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර 1000කට අධික සංඛ්‍යාවක් අවභාවිත කර…